බන්දුල පුත් සහන් බැන්දේ එකම දවසේ එකම රෝහලේ උපන් කෙනෙක්ලූ - පුද්ගලයකු මළ රියඅනතුරින් පසු සසලව සිටියාලූ


බන්දුල පුත් සහන්
බැන්දේ එකම දවසේ එකම රෝහලේ උපන් කෙනෙක්ලූ

පුද්ගලයකු මළ රියඅනතුරින් පසු සසලව සිටියාලූ

පසුගියදා කොළඹදී විවාහ දිවියට පිවිසි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පුත‍්‍ර සහන් ගුණවර්ධනගේ විවාහය සිදුවුනේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු දේශපාලකයින් රැසක් පිරිවරාගෙනය.
මෙම විවාහයට සාක්ෂි අත්සන් කළේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්වරුන්ය.
සහන් යනු බන්දුල ගුණවර්ධනගේ දරුවන්ගෙන් වැඩිමලාය. ඔහුට නැගණියන් තිදෙනෙකුත්
මළනුවෙකුත් සිටී.
බන්දුල ගුණවර්ධන පසුගිය රජය සමයේ අධ්‍යාපන ඇමතිවරයාව සිටින කාලයේ සහන් වැඩිදුර අධ්‍යාපනයට ගොස් තිබුනේ ඇමරිකාවටය. ඔහු එහිදී අධ්‍යයන කටයුතු හමාර කිරීමෙන් පසු නැවත ලංකාවට ආ පසුව විවාහයට පිවිසෙන්නට සූදානම්ව සිටි නමුත් පසුගිය කාලයේ ඔහුට නඩුවක් වැටීම නිසා

තරමක් සිත සසල වී සිටියේය.

එයට හේතුවූයේ පසුගිය 2014 පෙබරවාරි මස ඔහු ‘වැකේෂන් එකට‘ ලංකාවට ආ අවස්ථාවේ මාතර ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු යට කරමින් වාහනයක් ධාවනය කර දෙවිනුවර විෂ්ණු දේවාලයට යමින් සිටිය 52 හැවිරිදි පුද්ගලයකු මරණයට පත්වීමයි. රථය පදවද්දී සහන්ට ලංකාවේ වලංගු රියදුරු බලපත‍්‍රයක්ද නොතිබූ අතර නොසැලකිල්ලෙන් රිය පැදවීම නිසා අනතුර සිදුව තිබුණි.

සති දෙකක් පමණ කාලයක් තිස්සේ බරපතල තුවාල ලබා මාතර මහ රෝහලේ ප‍්‍රතිකාර ලැබූ අගම්පොඩි රංජිත් (52) නමැත්තා එම අනතුරින් මියගියා.
අනතුරින් පසු අධ්‍යාපන ඇමති පුත‍්‍රයා පොලීසියට බාරවූ පසු අධිකරණයට ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදාහැර තිබුණි. නඩුව යළි යළි විභාගවූ නිසා ඔහු ඒ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමටද සිදු විය.
මේ කාරණා හමාර කරගෙන ඔහු පසුව විවාහයට සූදානම් විය.ඔහුගේ පෙම්වතිය බවට පත්වූ තැනැත්තිය ඔහුගේම වයසේ ඔහුගේම උපන්දිනය තමාගේද උපන්දිනය කරගත් තැනැත්තියක වූ අතර කථාබහ කර බලද්දී අපූරු සිද්ධියක් අනාවරණයවූයේ එම දෙදෙනා එකම දිනයක එකම රෝහලේම උපත ලද බව හෙළි වීමෙනි.
සහන් හා ලක්ෂි දෙදෙනාගේ විවාහයේ ඡායාරූප නැවත බලන්න පහතින්


http://ift.tt/2i2eobK
Pix By -Suren Abeysundara, Flowers - 2 nd chance, Dress - Ruchira Salon,Card & Cake- Yowanma Bandara ,Groom's Outfit- Imitiyaz ,Hotel- Cinnamon Lake Side ,Music - Marians
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment