භාරත ඉල්ලා අස්වෙයි





ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරනු ලැබු භාරත ප‍්‍රභාෂන තෙන්නකෝන් එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

රටට යහපත් හෙට දවසක් වෙනුවෙන් සිදු කිරීමට අපේක්ෂිත සියලු කටයුතුවලදීද සහයෝගය බලාපොරොත්තු වන බව දන්වමින් ඔහු විසින් සියළු මාධ්‍ය ආයතන වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

මාධ්‍ය ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීම සහ ස්තුතිය

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මියගේ මාධ්‍ය ලේකම්තනතුරේ කටයුතු කළ මා ප්‍රතිපත්තිමය හේතූන් මත ඉල්ලා අස්වන බව දන්වනු කැමැත්තෙමි.

එම තනතුරේ කටයුතු කිරීමේ දී, විශාලතම සහයෝගය ලබා දීමට කටයුතු කළේ මාගේ සහෝදර මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන බැව් හොදින්ම දන්නා කරුණකි. ඔබගේ සහයෝගය හුදු “ස්තූතියි” යන වචනයෙන් පමණක් කෘතඥතාව දැක්විය නොහැකි අමිල සහයෝගයක් බැව් සිහිපත් කරනු කැමැත්තෙමි.

මින් ඉදිරියේ දී වෘත්තීය ජීවිතයේ දී මෙන්ම රටට යහපත් හෙට දවසක් වෙනුවෙන් සිදු කිරීමට අපේක්ෂිත සියලු කටයුතු වල දී ද ඔබගේ නොමද සහාය අපේක්ෂා කරන බව ගෙරවයෙන් සිහිපත් කරමි.

සියලුම මාධ්‍ය ප්‍රධානීන්ට, ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් හා ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන්ට ද ප්‍රවෘත්ති සංස්කාරකවරුන් හා ප්‍රවෘත්ති වාර්තාකරුවන් ට ද ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ද කැමරාශිල්පීන්, වෙබ් වාර්තාකරුවන්, නව මාධ්‍ය මෙහෙයුම්කරුවන්, නිෂ්පාදකයින් හා නිවේදකයින් ඇතුළු නන්අයුරින් සහාය දුන් සැමට යළිත් ස්තූතිය පුද කරමි.

වඩාත් යහපත් හෙට දවසක් වෙනුවෙන් අපි වැඩ කරමු. පෙළගැසෙමු. අපේක්ෂාවන් හා බලාපොරොත්තු අත් නොහැර හෙට දවස සුන්දර කිරීම වෙනුවෙන් එක් වෙමු.

ස්තූතියි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment