විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ චන්ද්‍රිකාගේ දෙවන මෙහයුම




හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ පුත් විමුක්ති කුමාරතුංග ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයකදී ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට අවතීරණ කරවීම සදහා හිටපු ජනාදීපතිනිය මේ දිනවල දැඩි වෙහෙසක් ගනමින් සිටිතැයි වාර්තා වෙයි.

ගම්පහ දිස්ත‍්‍රික්කයේත් ඉන් පිටතත් සිටින පැරණි ශ‍්‍රීලනිප ප‍්‍රබලයින් හමුවෙමින් ඇය මෙම මෙහෙයුම ක‍්‍රියාත්මක කර තිබේ.

ඉදිරියේදී ශ‍්‍රීලනිපයට හා රටට නායකත්වයක් පෙනෙන තෙක් මානයක නැති නිසා විමුක්ති දේශපාලනයට ගෙන ආ යුතු බව ඇය මෙම පිරිස් හමුවී පවසමින් සිටින බවද වාර්තා වෙයි. මෙම කටයුතු සදහා හිටපු ජනපතිනියට නියෝජ්‍ය ඇමතිනියක්ද උපකාර කරමින් සිටින්නේ යයිද සදහන්ය.

විමුක්ති දේශපාලනයට ගෙන ඒම සදහා පසුගියදා හොරගොල්ල වලවුවේදී පැවති ශ‍්‍රීලනිප ගම්පහ දිස්ත‍්‍රික් සංවිධායක හමුවේදී ඊට දැඩි විරෝධයක් එල්ල වීම හේතුවෙන් හිටපු ජනාධිපතිනිය මෙසේ සිය දෙවැනි සැලසුම ක‍්‍රියාත්මක කරමින් සිටී


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment