ජොන්ස්ටන්ගේ කුරුණෑගල ලොකු පුතා ජොහාන්ට තනතුර අහිමිවෙයි


ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කුරුණෑගල ප්‍රදේශයේ වාසය කර ලොකු පුතා වන වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පළාත් සභා මන්ත්‍රී ජොහාන් ප්‍රනාන්දු මහතා එම තනතුරින් ඉවත් කර තිබේ.

වයඹ පළාත් සභාවේ
අමාත්‍ය මණ්ඩලය ඊයේ (27දා) මෙම තීරණය කර ඇත්තේ පක්ෂයේ සංවිධායකවරයා ලෙස ප්‍රනාන්දු මහතා ඔහුගේ වගකීම් පැහැර හරිමින් පසුගියදා පැවැති වයඹ පළාත් සභා අයවැය විවාදයේ දින හතරටම සහභාගී නොවීම බව වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා කියා තිබේ.

මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාද දැනුවත් කර පූර්ණ එකඟතාවය ලැබ ඇති අතර පුරප්පාඩුවට බංඩාර රාජපක්ෂ මහතාව පත්කර ඇත.
( ගීතාංජලී ප්‍රියදර්ශණී )
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment