ගුවන් සේවා අධිකාරියේ සැබෑ ආදරය ප්‍රභාත්ද ?





ගුවන් සේවා අධිකාරියේ සේවකයින් මේ දිනවල පවසන්නේ එහි සැබෑ ආදරය ප්‍රභාත් කුලරත්න බවයි.

ඔහුට අිාවැසි විට උපාධි, ඩිප්ලෝමා කර උසස්වීම් දෙයි, ඔහුට අවැසි විට කාර්යාල වේලාවේ කොළඹ හතර දික්භාගයේ රවුම් ගසයි, ඔහුට අවැසි පරිදි අධිකාරියේ කාමර ඇත, ඔහුට අවැසි විට අධ්‍යක්ෂ ජනරාල් හමුවේ, ඔහුට අවැසි විට අධිකාරියේ පරිපාලනය රූපවාහිණියේ සින්දු කියයි. ඔහුට අවැසි විට ගුවන් තොටුපළේ සංගීත තියයි, මීට වඩා සැබෑ ඇදරයක් ප්‍රභාත්ට දෙන්නේ කෙසේද ? අධිකාරියේ සේවකයින් අසන ප්‍රශ්නය මෙයයි.

ටිටක ඔහු ඇතැමුන්ට උපදෙස් දෙන්නේ වැඩක් කර ගැනීම නම් සාමාන්‍ය පටිපාටිය භාවිතා නොකර උදෙන්ම විත් අධ්‍යක්ෂ ජනරාල් හමුවී අදාල වැඩේ කර ගන්න යනුවෙනි. මෙය කිනම් වනචාරී නීතියක්ද ?

මොහු පන්දම් කලාව අත්හදා බැලුවේ ලලිත් කොතලාවලගෙන් බව දන්නෝ දනිති. එකල ලලිත් කොතලාවලගේ ප්‍රවෘත්තියක් හඬා වැලපෙමින් බොහෝ දිනවල ප්‍රවෘත්ති සඳහා එක්කළ බව රූපවානී සේවකයින් දනී. නමුත් ලලිත් අමාරුවේ වැටුණු කල මොහු හීන්සීරුවේ මාරු වී ජනරාල් දළුවත්තට කිට්ටු වී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට කිට්ටු විය. එහි එතරම් රඟන්නට නොහැකි වූයේ මාධ්‍ය ගැන දැනගත් සේවකයින් එහි සිටි බැවිනි. නමුත් ඉන්පසු ජනරාල් දළුවත්ත ගුවන් සේවා අධිකාරියේ සභාපති ධූරයට පත්විය.

මාධ්‍ය ගැන මොලෝ හසරක් නොදත් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනාරල්ට, සින්දු කියන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට, මානව සම්පත් කලමණාකරන කුමරියට ප්‍රභාත් යනු සක්දෙවිඳු වන් විය. ඔහුගේ කැමැත්ත අධිකාරියේ කැමැත්තම විය.

විටක ඔහු අධ්‍යක්ෂ ජනරාල් අන්දවා ලිපි ලියා, ශ්‍රී ලංකන් හැඟර් එකේ සංගීත ප්‍රසංග තැබීමට තරම් බල සම්පන්නය. එහි ප්‍රතිඵලය ස්වාධීන රූපවාහිනී සේවයට අයත් වාහනයක්, නවතා තැබූ එයාර්බස් 340 ගුවන් යානයක හැප්පීමයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය ඒ පිළිබඳ පරීක්ෂණයක්ද පැවැත්වීය. ප්‍රභාත්ට පිං සිදුවන්නට දැන් ශ්‍රී ලන්කන් සේවකයිනුත් බෝයින් 747 හැඟර් එකට යන්නේ දැඩි පරීක්ෂාවකින් අනතුරුව ප්‍රභාත්ලාගේ දෙමවුපියන් සිහිකරමිනි. නමුත් ඒ කිසිවකටත් දඬුවම් නැත. ඒ අධිකාරියේ සැබෑ ආදරය ප්‍රභාත්ම වන නිසාද ?

ඉහළ පරිපාලන තෙදින් ප්‍රභාත් බොහෝ විට කාර්යාල වේලාවේ පුදගලික වැඩ වෙනුවෙන් ගුවනට නික්මෙයි. ඔහු නිරතුරුවම මාධ්‍ය ආයතනවල සිටියි. ඒ අධිකාරියේ වැඩට නොව පුද්ගලික වැඩවලටය. විටෙක ඔහු සිරිකොතේද දැකිය හැක. ඔහු අධිකාරිය වෙනුවෙන් මාධ්‍ය ආයතනවල, කාර්යාල වේලාවන් භාවිතා කරන ආකාරය දෙස බලන සේවකයින් පවසන්නේ 'මේ යකා මීඩියාවලට යන තරමට මුලු දවසෙම ටීවී රේඩියෝවල යන්න ඕන අධිකාරිය ගැන' කියාය. නමුත් යන නිව්ස් එකකුත් නැත. ඒ තරමට ප්‍රභාත් ආයතනය තුල පච වී ඇත. ඔහු කාර්යාල වේලාවන්හි පුද්ගලික වැඩ කරන වීඩියෝපට පවා සේවකයින් සතු බව පවසයි.

වෙබ් අඩවි තුලින් ප්‍රභාත් ගැන තොරතුරු දැන ගත් පරිපාලනයට එනපොට හරි නැති බව ඉවෙන් මෙන් තේරී ඇත. එබැවින් ප්‍රභාත් සිටි ආවරණ සහිත කාමරයෙන් වහා ඉවත්කොට එලිමහන් පෙදෙසක අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයාට පෙනෙන මානයේ තබා ගෙන ඇත්තේ ප්‍රභාත් ඇසක් මෙන් රැක ගත්තෙකු වන නිසාදැයි අධිකාරී සේවකයෝ ප්‍රශ්න කරති.  


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment