ඇමැති දයාගේ මාධ්‍ය ලේකම් හදිසියේ ඉල්ලා අස්වෙයි

ඇමැති දයාගේ මාධ්‍ය ලේකම් හදිසියේ ඉල්ලා අස්වෙයි

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මියගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් මහතා ඉල්ලා අස්වී තිබේ.

තමා ප්‍රතිපත්තිමය හේතූන් මත එම තනතුරෙන් ඉල්ලා අස්වන බව ඔහු මාධ්‍ය වෙත නිවේදයක් නිකුත් කරමින් පවසා සිටී.

යහපාලන ආණ්ඩුව බිහි කිරීමටද දායකත්වය ලබා දෙමින් විශාල කාර්යභාරයක් සිදු කිරීමට භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් මහතා කටයුතු කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment