දකුණු අප්‍රිකානු තරගය අද දිනාවිද පරදීවිද ඩ්‍රෝ වේවිද - තීරණය ලංකාව අතේ


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලුදෙනා දැවී ලකුණු 286ක් රැස්කර ගත් අතර පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට රැසකර ගැනීමට හැකි වුයේ ලකුණු 205ක් පමණයි.
අනතුරුව දෙවැනි ඉනි ක්‍රීඩා කළ
දකුණු අප්‍රිකානුවන් කඩුළු 6ක් දැවී ලකුණු 406ක් රැස්කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීම තීරණය කළා.ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කිරීම සදහා ලැබුනු අභියෝග ලකුණු 488ක්.ඊයේ දිනය නිමාවට පත්වන විට පිළිතුරු දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 240ක් රැස්කරගෙන සිටියා.මෙම තරගයේ පස්වන සහ අවසන් දිනය වන අද දිනය තුළ ලබාගැනීමට ඇත්තේ ලකුණු 248ක් පමණයි.
ඊයේ දිනය නිමාවට පත්වන විට නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 58ක් සහ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 9ක් රැස්කරගෙන සිටියා. ශ්‍රී ලංකා කණ්ඩායම අතැතිව ඇත්තේ තවත් කඩුළු 5ක් පමණක් වන අතර ජය , පරාජය හෝ ජය පැරදුමෙන් තොර තරගයක් බවට මෙය පත්කරගැනීමේ යෂ්ටිය ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම තුළය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment