ශ්‍රී ලන්කන් එයාර් හොස්ටස්ලා අඳින්නෙ පරණ සාරිලු


කටුනායක ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ ගුවන් ගමන් සහායිකාවනට වසර තුනක කාලයක සිට නිල ඇඳුම් ලබා නොදීම නිසා එම සේවිකාවන්ට සිය රාජකාරි කටයුතුවල නිරතවීමේදී ගැටලු රැසක්‌ මතුව ඇතැයි වාර්තා වේ.

කටුනායක සහ
මත්තල ගුවන්තොටුපළෙහි ගුවන් ගමන් සහායිකාවන් 187 දෙනකු පමණ සේවය කරන අතර ඔවුනට වසරකට නිල ඇඳුම් ලෙස සාරි 03 ක්‌ හෝ 04 ක්‌ ලබාදෙන බවත් මෙම නිල ඇඳුම් 2013 වසරේ සිට මේ දක්‌වා ලබාදීමට බලධාරීන් පියවර ගෙන නැති බවත් ගුවන් සේවා සමාගමේ ප්‍රකාශකයෙක්‌  පැවසීය.

මෙම තත්ත්වය මත ගුවන් ගමන් සහායිකාවන් බොහෝ දෙනකු නිල සාරිය වෙනුවට වෙනත් සාරිවලින් සැරසී රාජකාරි කටයුතු සඳහා වාර්තා කරන බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.

තමුන්ට ලබාදී ඇති නිල සාරි ඉරීගොස්‌ ඇතැයි පැවසූ විට ඉරිච්ච සාරිවලින් සැරසී රාජකාරි සඳහා වාර්තා කරන ලෙස පාලන අධිකාරිය එම සේවිකාවනට පවසන බව ද එම ප්‍රකාශකයා කීවේය.

(උපාලි ද සේරම්)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment