ෆේස්බුක් තරුණයා දැක වහවැටී රෙදි පොදිබැඳගෙන නිවසට ආ වැන්දඹුව‍


ෆේස්බුක් තරුණයා දැක වහවැටී
රෙදි පොදිබැඳගෙන නිවසට ආ වැන්දඹුව‍

මැදපෙරදිග විදේශ සේවයේ සිටියදී මුහුණු පොතෙන් හමුවූ බාලවයස්කාර තරුණයකු හා හිතවත්ව පසුව ඔහු හා දැඩි මිතුදමින් වෙළී සිටි වැන්දඹු කාන්තාවක,  ලංකාවට ආ පසුව එම තරුණයාගේ අනුදැනුමක් නැතිව ඔහු සොයාගෙන ඔහු හා එකට ජීවත්වන්නට නිවසට පැමිණි පුවතක් වාර්තාවේ. එසේ පැමිණි ඇය ඔහු නිවසේ නොමැතිවීමෙන් කලකිරී
දිවිනසාගන්නට උත්සාහ කළ බවද පැවසිණි.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම කාන්තාව මුහුණු පොතෙන් දැක  ඇත්තේ මාතලේ පදිංචි තරුණයෙකුවය.
සැමියාගේ මරණයෙන් පසු පාළුවෙන් විසූ බව කියන ඇය සමග ඉතා සමීප ඇසුරක් පවත්වන්නට මෙම තරුණයා අනතුරුව කටයුතු කර ඇත.
මෙසේ තිබියදී තරුණයා ඇයට විහිළුවට මෙන් යෝජනාවක් කරමින් පවසා ඇත්තේ අපි දෙන්නා එකට ජීවත්වෙමුද කියාය.

ඇය එයට එකපයින්ම කැමතිවී ඇති අතර ඔහු ඇයට අසභ්‍ය විහිලුවක් කරමින් ඔහුගේ නග්න රුව සහිත ඡායාරූපයක්ද ඇය සමග හුවමාරු කරගෙන ඇත.එයින් පසු ඔහු කෙරේ ආසක්තව එක්වීමේ අභිලාෂයන් ඇති කරගත් කාන්තාව කිසියම් මානසික ව්‍යාකූලතාවයකින් මෙන් ඔහු සිටින තැන අසාගෙන ඇත. කෙසේ වෙතත් ඔහුව සොයාගෙන ඇය පැමිනේවි යයි ඔහු විශ්වාස කර නැත.

‍මේ අතර පසුගිය සතියේ දිනෙක දහවල් කාලයේ නවාතැන්ගැනීමට අවශ්‍ය ඇඳුම් රෙදි කළමනාද ගමන්මල්ලක අසුරාගෙන මේ කියන කාන්තාව මාතලේ පිහිටි තරුණයාගේ නිවස සොයා පැමිණ ඇත්තේ ඔහු හමුවන්නටය.
නාඳුනන් කාන්තාවක් තරුණයාගේ නම කියාගෙන පැමිණීම ගැන නිවැසියන් විමතියට පත්ව ඇති අතර ඔහු පංති ගොස් ඇති බවත් නිවසේ නැති බවත් කියූ සැණින් එම කාන්තාව වික්ෂිප්තව හැසිරෙනු නිවැසියන්ට තේරුම් ගන්නට අපහසුවී තිබේ.
‘අයියෝ එයා නැද්ද.. එයා මට බොරුවක්ද කරේ.. ‘ආදී ලෙස නන් දොඩවන ලද කාන්තාව පසුව ගමන් මලු ආදිය රැගෙන නිවසින් පිටත්ව පාර දෙසට ගොස් ඇති අතර ටිකකින් නිවැසියන්ට දැනගන්නට ලැබී ඇත්තේ ඇය පාරේ ගමන් කළ වාහනයකට පනින්නට උත්සාහ කළ බවයි. තරුණයා හමු නොවී අපේක්සාභංගත්වයෙන් කිසියම් මානසික පීඩනයකට ලක්වූ ඇය දිවිනසාගන්නට උත්සාහ කර තිබුණි.
තරුණයෙකු සොයා ගෙවල් ‍දොරවල් අතහැර මාතලේට පැමිණි  මේ කාන්තාව පසුව පොලිසියේ ග්‍රහණයට හසුවූයේ දිවිනසැගැනීමට තැත් කිරීමේ චෝදනාවටය. ඇය ලබන 04 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට මාතලේ අතිරේක දිසා විනිසුරු/ මහෙස්ත්‍රාත් එස්. බී. එච්. එම්. සේසිරි හේරත් මහතා නියෝග කරන ලදි.
වැන්දඹුවක බවට පත් මෙම කාන්තාව විදේශගතව සිටියදී බාලවයස්කාර තරුණයා මුහුණු පොතෙන් හමුවී ඇති බව පොලිසියට කියා ඇත. කල්යත්ම ඇසුර දුර දිග ගිය බවත් තරුණයා නිරුවත පෙන්වමින් මෙරට පැමිණි වහාම එක්වෙමු යයි යෝජනා කළ බවත් ඒ නිසා රෙදිපිළි පොදි බැඳගෙන තරුණයා සොයා මාතලේට පැමිණි බවත් ඇය කියා ඇත.
කාන්තාවගේ නොසන්සුන් හැසිරීම පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශනය කරද්දී එම තරුණයාවද ගෙන්වා පරීක්ෂණ කළ අතර එහිදී ඔහු පවසා ඇත්තේ තමා ඇයට නිවසට එන්න නොකී කතාවකි. ඇය මානසික රෝගයකින් පසුවන කාන්තාවක බවද ඔහු කියා ඇත.
සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ ක්‍රියාත්මකය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment