හෂාන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිතිකරු පුහුණුකරු ධුරයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දක්ෂතා හඳුනාගැනීමේ පිතිකරු පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න පත්කර තිබෙනවා.

එමෙන්ම දක්ෂතා හඳුනාගැනීමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත්කර ඇත්තේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් චන්දනයි.

මෙම පුහුණුකරුවන්ට පැවරෙන රාජකාරිය වන්නේ අන්තර් සමාජ මට්ටමේ සිටින හොඳ ක්‍රීඩකයින්ගේ දක්ෂතා හඳුනාගෙන ඔවුන් ජාතික කණ්ඩායම දක්වා රැගෙන ඒමයි.

ජාතික කණ්ඩායම නියෝජන කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ශේෂ්ත්‍රයට සේවයක් ලබා ගැනීමේ අරමුණින් මෙම පත්වීම් සිදුකළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment