මෝදිගේ වෙබ් අඩවියත් හැක්වෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් පිවිසුණු 22 හැවිරිදි තරුණයෙකු එහි ඉන්දියාවේ ආරක්ෂාව පිළිබඳ සටහනක් තබා තිබේ.

ජාවෙඩ් කත්රි නමැති මෙම තරුණයා ජංගම මෘදුකාංග සංවර්ධකයෙකු වන අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමා සත්භාවයෙන් එම සටහන තැබූ බවයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ වෙබ් අඩවියට පිවිස ඔහුගේ පෞද්ගලික දත්ත ලබා ගත හැකි බවත්, අමාත්‍යවරුන්ගේ ජංගම දුරකථන අංක පවා තමාට දිස්වන බවත් එම තරුණයා ප්‍රකාශ කර එහි සඳහන් කර ඇත.

තම අනතුරු ඇගවීම නොසලකා හැරියහොත් එය අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව අනතුරේ හෙලීමක් මෙන්ම ඔහුගේ වෙබ් අඩවිය භාවිත කරන මිලියන 07කගේ දත්ත නිරාවරණය කිරීමක් ලෙස මෙම තරුණයා තවදුරටත් එහි සටහන් කොට තිබේ.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment