මන්ත්‍රීන්ට අහිමිවූ කල්බදු වාහන අධිකාරියක් ගත්තේ මෙහෙමයි

මන්ත්‍රීන්ට අහිමිවූ කල්බදු වාහන අධිකාරියක් ගත්තේ මෙහෙමයි

කල්බදු ක්‍රමය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ගැනීමට ගත් තීරණය පවා අත්හිටුවා තිබියදී සිවිල් ගුවන් සේවා අධිකාරියට කල්බදු ක්‍රමය යටතේ වාහන 10ක් ලබාගැනීමට සැලසුම් කර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවකයෝ පවසති.

මාසයකට රුපියල් එක්ලක්ෂ පනස්දහසත්, එක්ලක්ෂ අනූදහසක් අතර මුදලකට වසර 05ක කාලයක් සඳහා මෙම වාහන 10 ලබාගැනීමට සැලසුම් කර තිබෙන බවත් මේ අනුව දැනටමත් වාහන 05ක් ලබාගෙන තිබෙන බවත් එම සේවකයෝ පෙන්වා දෙති.

වසර 05කට පසු අදාළ වාහන බදු ලබාගත් ආයතනයට ලබාදිය යුතු බවත් එම කාලය තුළදී එක් වාහනයක් වෙනුවෙන් ආසන්න වශයෙන් ලක්ෂ 90ත් 98ත් අතර මුදලක් ගෙවීමට සිදුවන බවත් ඔවුහු ප්‍රකාශ කරති.

එහෙත් ලබාගෙන තිබෙන වාහනයක වටිනාකමද ලක්ෂ 90ත් 100ත් අතර මුදලක් බවත් මෙය අධිකාරියේ මුදල් නාස්ති කිරීමක් බවත් එම සේවකයෝ පෙන්වා දෙති.

මේ හේතුවෙන් ජනාධිපතිවරයා මැදිහත්වී වහාම මෙම ක්‍රියාව නවතා දමා දැනට ලබාගෙන තිබෙන වාහන 05 පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර වැරදි කර ඇති නිලධාරීන්ට දඬුවම් ලබාදෙන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.

කල්බදු ක්‍රමය යටතේ ලබාගන්නා වාහන, දැනට ආයතනය විසින් වසර 05කට අඩු කාලයකදී මිලදී ගත් වාහන සඳහා අදේශ කිරීමට සැලසුම් කර තිබෙන බවත් මේ අනුව අමාත්‍යාංශ ලේකම්වරයා නොමග යවමින් අදාළ වාහන 10 විකුණා දැමීමට සැලසුම් කර තිබෙන බවත් සේවකයෝ කියා සිටිති.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment