සමාජ මාධ්‍ය රැසක් එකවර භාවිත කරන්නේ විශාදයට ලක්වූ අය බව පර්යේෂණයකින් හෙළිවේ


අද කාලයේ තරුණ වැඩිහිටි බොහෝ දෙනා  අන්තර්ජාලය භාවිත කරමින් සමාජ මාධ්‍ය රැසක් පරිශීලනයට නිතරම නැඹූරුවී තිබේ. මේ ගැන කර තිබෙන පර්යේෂණ වලින් මෙම නැඹුරුව සෞඛ්‍ය ගැටලු ඇති කරවීමට හේතුවන මානසික තත්වයන් නිර්මාණය කර ඇත බව සොයගෙන ඇත.
බහු සමාජ මාධ්‍ය භාවිතාව මානසික පීඩනය හා කාංසාව ඇති සාමාන්‍ය අවදානම තුන් ගුණයකින් වැඩිකරන බව මෙම පරියේෂයකින් අනතුරු අඟවා ඇත.
එක්සත් ජනපදයේ පිට්ස්බර්ග් විශ්ව විද්යාලයේ බ්‍රයන් ඒ පිමාර්ක් පුද්ගලයින් සමාජ මාධ්‍ය සඳහා වැය කළ මුළු කාලය ගැන පර්යේෂණයකින් මේ ගැන කරුණු හෙළි කර ඇත.
ෆේස්බුක්, යූටියුබ්, ට්විටර්, ගූගල් ප්ලස්, ඉන්ස්ටග්රෑම්, Snapchat, Reddit, Tumblr, Pinterest සහ LinkedIn සම්බන්ධයෙන් 2014,2015, 2016 වරින් වර පුද්ගල පිරිසක් ඉලක්ක කර කරන ලද ප්‍රශ්න විමසීම් වලදී ඒ අය පසුගිය කාලයේ ලබාගත් මානසික ප්‍රතිකාර ගැන විස්මය ජනක ප්‍රතිඵල ලැබුණ බවත් බොහෝ අය ෆේස් බුක්ට අමතරව තවත් මාධ්‍ය රැසක් වෙත යන්නේ පාළුව තනිකමට පවතින මානසික පීඩනයකින් සුවය ලබන්නට බවත් ඒත්තු ගෙන ඇත.
වැඩිපුරම සමාජ මාධ්‍ය රාශියක් එකවර භාවිත කරන්නන් බහුතරය විශාදයෙන් පෙළෙන අය බවද සොයාගෙන ඇත.
එවැනි අයගේ සාමාන්‍ය සමාජය සමග මුහුණට මුහුණලා ඇසුරු කිරීම් අතිශය අවම වන අතර හැසිරීම් වලදී මානසික අඩුවක් හෝ ලජ්ජාවට තුඩු දිය හැකි කාරණාවක් පෙන්නුම් කර ඇත.
මාධ්‍ය සංඛ්‍යාව ඉහල දැමීමට, සෘණ මනෝභාවය හා හැඟීම් හේතු වන බවත් එක් එක් මාධ්‍ය තුළ සංස්කෘතික උපකල්පන idiosyncrasies සැරිසැරීම එන්ට එන්ටම දුෂ්කරවී ඇති බවත් පර්යේෂණයේදී කියා ඇත.
නැවත නැවත බහු මාධ්‍ය වෙත යාමට පෙළැඹීම මෙහිදී වළක්වා ගත හැකි නම් විශාද රෝග තත්ව මතුවීමේ ප්‍රවණතාවය අඩු කරගත හැකි බවද පර්යේෂණයෙන් පෙන්වාදී ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment