ඇමතිලාට පාර්ලිමේන්තු එන්න හෙලිකොප්ටර්.. විජයකලාත් හෙලිකොප්ටරයෙන්..

අද වන විට ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ හෙලිකොප්ටර වලින් යයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පුවත්පතක් හා අදහස් පලකරමින් පෙන්වා දී ඇත.

එසේ හෙලිකොප්ටරයෙන් පාර්ලිමේන්තු එන්නේ දයා ගමගේ, අනෝමා ගමගේ, විජේකලා මහේෂ්වරන් සහ තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු බවද රාමනායක මහතා සදහන් කරයි.

ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් සුඛෝපභෝගි වාහන ප්‍රතික්ෂේප කර තිබෙන්නේ හර්ෂ ද සිල්වා, පාලිත තෙවරප්පරෙුම හා තමන් පමණක් බවද පවසන නියෝජ්‍ය ඇමතිවරයා තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන කාර්යාල දීමනාවද ප්‍රතික්ෂේප කල බවද කියයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment