පොලීසිය ඇල්ලූ සුපිරි හැමර් රථය කෝටිපති ව්‍යාපාරික පුතෙකුගේ!

පොලීසිය ඇල්ලූ සුපිරි හැමර් රථය කෝටිපති ව්‍යාපාරික පුතෙකුගේ!

අමෙරිකාවේ නිෂ්පාදිත රුපියල් කෝටි ගණනක් වටිනා හැමර් රථයක් මාතරදී පොලීසිය විසින් නවතා එහි ගමන් ගත් පුද්ගලයාගෙන් ප්‍රශ්න කර තිබේ. 

හැමර් රථය ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්තේ මාස තුනකට පමණ බව එය පැදවූ පුද්ගලයා පොලීසියට පවසා තිබේ. 

එය ලංකවේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකුට අයත් බව පොලීසිය පැවසී ය.

ශ්‍රි ලංකාවේ තාවකාලිකව හැමර් රථය භාවිත කිරිම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් තාවකාලික බලපත්‍රයක් ලබා දී ඇත. රක්ෂණ සහතිකයක්, මෝටර් රථය ලියාපදිංචි කිරිමක් හෝ ආදායම් බලපත්‍රයක් එයට නොතිබී ඇති අතර ප්‍රශ්න කිරිමෙන් පසුව රථය මුදාහැරිමට පොලීසිය කටයුතු කර තිබේ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment