තෙවරප්පෙරුම යළි සටනේ (PHOTOS)

තෙවරප්පෙරුම යළි සටනේ (PHOTOS)

බුලත්සිංහල කොබවක පිහිටි උක්වැලි කන්ද රබර් ආයතනය නිසි කළමනාකරණයකින් තොරව නියමිත බැහැර කිරීමේ ක්‍රමවේදයන්ට පටහැනිව පරිසරයට විස රසායනික ද්‍රව්‍ය මුදාහැරීමට විරෝධය දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පිරිසක් එම කර්මානත් ශාලාව ආසන්නයේ විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ජනතාව චෝදනා කරන්නේ ඒ පිළිබඳව ප්‍රදේශයේ ජනතාව දිගින් දිගට කරුණු පැහැදිලි කළද නිසි පාර්ශ්වයන්ගෙන් විසඳුමක් නොලැබුණ බවයි. 

ප්‍රදේශයේ මාර්ග ,ළිං විනාශ වී ඇති බවත් ඔවුහු සෞඛ්‍ය  හා කායික පීඩා රැසකට මුහුණ දී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය පැවසී ය.

ඒ පිළිබඳව අවසන් විසඳුමකට පැමිණෙන තුරු නියෝජ්‍ය අමාත්‍යවරයා කර්මාන්ත ශාලාව ආසන්නයේ දිගටම රැදී සිටින බව ද මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මේ හේතුව නිසා ප්‍රදේශයේ සමහරක් පවුල් සිය නිවෙස් පිටින්ම අතහැර දමාගොස් බවද වාර්තා වේ. මේ පිළිබද සොයා බැලීම සදහා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සමග ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිවරයා, මහජන සෞඛ්‍ය පරිෂකවරුන්ද එක්ව ඇත.

කෙසේ වෙතත් යම් ද්‍රවයක් පරිසරයට බැහැර කරන්නේද ලංකාවේ පරිසර දුෂණය වැලැක්වීම සදහා ජාතික පාරිසරික පනත ප්‍රකාරව ආරක්ෂණය සම්බන්ධව පරිසර තත්වයන් පිළිබද ප්‍රතිපාදන දක්වා ඇත. එසේම ඒ සදහා පරිසර ආරක්ෂණ බලපත්‍රය හා අදාල වන ප්‍රතිපාදන දක්වා ඇත්තේ එය පරිසර ආරක්ෂණයේ ප්‍රධානතම උපන්‍යාසයක් බැවිනි.

අපද්‍රව්‍ය බැහැර කරනු ලබන්නේ අඩුම තරමේ නිසි පරිසර ආරක්ෂණ බලපත්‍රයක්වත් නොමැතිව බව ලියකියවිලි නිරික්ශනයේදී තහවුරු වී ඇතැයිද දැනගන්නට තිබේ.

වසර 2ක් පුරාවටම මධ්‍යම පරිසර අධිකාරිය මගින් මෙම ආයතනයේ කේෂ්ත්‍ර පරීක්ෂණයට යෙදු නිලධාරිණිය එහි කැදචු නියෝජ්‍ය අමාත්‍යවරයා එතෙක් කල් ඇය හා ඇය නියෝජනය කරන මධ්‍යම පරිසර අධිකාරිය නොදුටු පරිසර දුෂණය තහවුරු කරන්නට වුයේ ප්‍රදේශවාසීන් හා නිලධාරින් සමග පුරා දවසක් කර්මාන්තශාලාව පුරා මෙන්ම අවට ගම්වලද අවිදිමින් බව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පැවසී ය.

උක්වැලි කන්ද රබර් ආයතනය අයත් වන්නේ අවිහිංසාවාදී මහා සංවිධානයේ සභාපති නිහාල් විජේරත්න මහතායි.

Image may contain: one or more people, crowd and outdoor

Image may contain: one or more people and outdoor

Image may contain: one or more people, people standing and outdoor

 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment