මාධ්‍යවේදියාට පහර දුන්නේ නාවික හමුදාපති! (VIDEO)

මාධ්‍යවේදියාට පහර දුන්නේ නාවික හමුදාපති! (VIDEO)

හම්බන්තොට වරායේ වර්ජනය වර්තා කිරීමට ගිය මාධ්‍යවේදී රොෂාන් දිලීප් කුමාරගේ රාජකාරිය අවහිර කරමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න එම මාධ්‍යවේදියාට පහර දුන්නේය.

හම්බන්තොට වරායේ නැව් දෙකක් යාත්‍රා කිරීමට නොහැකි වන පරිදි විරෝධතාවයේ යෙදුණු වරාය සේවකයන් විසුරුවා හැරීමට පැමිණි නාවික හමුදා පිරිස අතර කොට කළිසමක් ඇඳ සිටි අයකු ප්‍රාදේශීය මාධ්‍යවේදියකුට පහර දෙන අයුරු කැමරාවල සටහන් වී තිබිණි.

ඔහු මාධ්‍යවේදියාට පරුස වචනයෙන් බැණ වැදෙමින් පහර දුන්නේය. තමා මාධ්‍යයෙන් බව කියද්දීත් ඔහු ඇඳ ගෙන ගොස් පහර දුන්නේය.

පහර කෑ මාධ්‍යවේදියා කියනුයේ තමාට පහර දුන්නේ නාවික හමුදාපතිවරයා බවයි. ඔහු හමුදාපති නොවේ නම් ඒ කවුදැයි හෙළි කරන ලෙස ද පිරිසක් ඉල්ලති.

මාධ්‍යවේදියකුට පහර දීම ගැන නාවික හමුදාපතිවරයා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි ඇසූ විට නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්‍රම් අලෙවි මහතා පැවසූයේ ඒ ගැන පැමිණිලි ලැබී නැති බවයි. ‘ඒ ගහනවා නෙමෙයි. අයින් වෙන්න කියනවා.‘ යැයි ද ඔහු කීවේය.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා කීවේ ඒ ගැන සොයා බලා පිළිතුරක් දිය හැකි බවයි.

නාවික හමුදාපතිගේ මෙම ක්‍රියා කලාපය නාවික හමුදාවටම බලවත් අපකිර්තියක් බවත්, ඔහු ගැන පරික්ෂණයක් පැවැත්වෙන බවත් ආරක්ෂක අමාත්‍යංශ ආරංචි පවසයි.

නීතිය අනුව මෙම හමුදාපතිවරයා යුද අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ආරක්ෂක අංශ ආරංචි කියයි.

හම්බන්තොට වරායේදී නාවික හමුදාපති පහර දුන්නැයි ලංකාදීප මාධ්‍යවේදී දිලීප් කුමාර පොලිසියටද පැමිණිල්ලක් කර තිබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න.

16-1

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment