ලසන්ත එක්ක කළ දුරකථන සංවාදය ඇත්තක් බව මහින්ද පිළිගනී (VIDEO)

ලසන්ත එක්ක කළ දුරකථන සංවාදය ඇත්තක් බව මහින්ද පිළිගනී (VIDEO)

හිටපු ජනාධිපතිවරයා සහ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග අතර සිදුවූ බව පැවසෙන දුරකථන සංවාදයක හඬ පටයක් අන්තර්ජාලයට නිකුත්වී ඇති අතර එහි යම් සත්‍යයක් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(21) පිළිගත්තේය.

2008 වසරේ සිදුවූ බවට පළවී ඇති මෙම දුරකථන සංවාදය පිළිබඳව මාධ්‍යවේදීහු ඊයේ පැවති උත්සවයකින් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කළේය.

“අද එකක් නෙවෙයිනේ. ඒකාලෙනේ. මම කතා කරනවානේ එයාට. මට මතක නෑ. ඕක කතා කළාද නැද්ද කියන එක. නමුත් මම එතුමත් එක්ක නිතර කතා කරනවා. මේක අලුත් දෙයක් නෙවෙයි. හැබැයි ඉතින් හැමෝම දන්නවා එතුමාගේ පුරුද්දක් තියෙනවා කතා කරන ඒවා ඔක්කෝම ටේප් කරන එක. එතුමා වාර්තාකරුවෙක්නේ. දැන් ඔයාලාට කතා කළාම ඔයාලා ටේප් කරන්නේ ඔක්කොම. ඊට පස්සේ නැතැයි කිව්වොත් ඒක ටක් ගාලා දානවානේ.“ යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය.

කතාකරන සියළු දේ පටිගතකිරීමේ පුරුද්දක් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගට තිබුණු බව හිටපු ජනාධිපතිවරයා පැවසුවේය.

රජයේ කටයුතු පිළිබඳව සහ සන්ඩේ ලීඩර් පුවත්පතේ එවකට පළකළ ලිපියක් ගැන ඇතිවූ සුහද සංවාදයක් එම හඬ පටයේ ඇතුළත් වේ.

එම වීඩියෝව පහතින් නරඹන්න.

 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment