හම්බන්තොට විරෝධය: 52ක් අත්අඩංගුවට 23ක් රිමාන්ඩ් (VIDEO)

හම්බන්තොට විරෝධය: 52ක් අත්අඩංගුවට 23ක් රිමාන්ඩ් (VIDEO)

හම්බන්තොට පැවති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොදු දේපලවලට හානි කළ බව පවසමින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 52 ගෙන්  23 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් 52 ගෙන් 21 දෙනෙකු ලබන 9 දා දක්වා රක්ෂිත බන්ධනාගාත කිරීමටත් , තවත් දෙදෙනෙකු ලබන 11 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ 27 දෙනකු මේවනවිට හම්බන්තොට, අම්බලන්තොට සහ සූරියවැව රෝහල්වෙත ඇතුළත්කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 

මින් 11 පොලිස් නිලධාරීන් බව වාර්තා වෙයි.

හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා යෝජිත කර්මාන්ත පුරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම දින 14කට තහනම් කරමින් හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙර දින (06) අතුරු නියෝගයක් නිකුත් කළේය.

ඊයේ (07) සංඝරත්නයේ සහයෙන් පවත්වන බව කියන උද්ඝෝෂණ නිසා ප්‍රදේශයේ මහජන සාමය කඩවී කැළඹිලි සහගත තත්ත්වයක් ඇති වේයැයි පොලිසිය දැක්වූ කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කළේය. 

මෙම අතුරු තහනම භික්ෂුන් වහන්සේ 9 නමකටද හිටපු කථානායක චමල් රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 26 දෙනකුට නිකුත් කිරීමට ද නියම කර තිබිණි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment