හම්බන්තොට වරායට මේ වසරේ කෝටි 935 ක්‌ පොළියක්! 

හම්බන්තොට වරායට මේ වසරේ කෝටි 935 ක්‌ පොළියක්! 

හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබාගත් රුපියල් කෝටි 19,500 (අමෙරිකානු ඩොලර් බිලියන 1.3) ණය මුදල සඳහා මෙම වසරේදී රුපියල් කෝටි 935 ක මුදලක්‌ පොලී ලෙස චීනයට ගෙවිය යුතුව ඇතැයි ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

පසුගිය වසරේදී රුපියල් කෝටි 864 ක්‌ පොලී ලෙස ගෙවූ බවත් හම්බන්තොට වරාය සංවර්ධන කටයුතු සඳහා තවත් රුපියල් කෝටි 7,500 ක මුදලක්‌ අවශ්‍යව ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

වරායෙන් ලැබෙන ආදායම මේ සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා පෞද්ගලික ආයෝජකයන් සමඟ එක්‌වී වරාය සංවර්ධනය කිරීමට රජය ගත් තීරණය ඉතා නිවැරදි බව ද ඇමැතිවරයා පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment