හම්බන්තොට විරෝධය නිසා 21 ක් රෝහලේ

හම්බන්තොට විරෝධය නිසා 21 ක් රෝහලේ

හම්බන්තොට ප්‍රදේශයේ පැවැති විරෝධතාවය අතරතුර පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

එම පුද්ගලයින් අතර ආරක්ෂක අංශ නිලධාරීන් තිදෙනෙක් සිටින බව හම්බන්තොට රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් මනතුංග මහතා ප්‍රකාශ කළේය.

තුවාලකරුවන්ගෙන් බහුතරයක් ගල් ප්‍රහාර වැදීමෙන් තුවාල සිදුව ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

හම්බන්තොට ඉදිකිරීමට යෝජිත කර්මාන්ත පුරයට සහ හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව අද (07) උදෑසන පැවති විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමත් සමග මෙම උණුසුම්කාරී තත්ත්වය හටගෙන තිබුණි.

එහිදී විරෝධතාකරුවන් පොලීසියට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන්ද තුවාල ලැබූ බව වාර්තා වෙයි.

 හම්බන්තොට විරෝධතාවය-21ට තුවාලයි

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment