හම්බන්තොට කලබලය නිසා 21 ක් රෝහලේ






හම්බන්තොට කලබලය නිසා 21 ක් රෝහලේ

හම්බන්තොට අද (07) දිනයේ පැවති ශ්‍රී ලංකා- චීන සංවර්ධන කර්මාන්ත පුරය ආරම්භක අවස්ථාවේ  විරෝධතා මතුවිය හැකිබවට

තොරතුරු ලැබීම නිසා ඒවා තහනම් කරමින් උසාවි නියෝගයක් පොලිසිය ලබාගෙන තිබුණි. එම තහනම නොතකා දක්ෂිණ සංවර්ධන ව්‍යාපෘතිය
ආරම්භ කරන ස්ථානයේ පිරිසක් විරෝධයේ නිරතවීම නිසා උණුසුම් තත්වයක් ඇතිවිය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරුන් ඇතුළු පිරිසක්ච චීන - ශ්‍රී ලංකා කර්මාන්ත පුරවරයට සහ හම්බන්තොට වරාය පුද්ගලීකරණයට එරෙහිව උද්ඝෝෂණය කළ අතර හටගත් ගැටුම්කාරී තත්ත්වයෙන් 21 දෙනකු තුවාල ලැබුවා.

උත්සවය පැවැති භූමියට විරෝධතා කරුවන්ට ඇතුළු විය නොහැකි ලෙස පොලිසිය බාධා පැමිණවී තිබීමේදී ඒවා ඉබිඳලන්නට උත්සාහ දැරූ අය නිසා මේ කලබලය ඇතිවූ බවද පැවසිණි. පිරිස පොලිසිය දෙසට ගල් මුල් වලින් පහර දීමත් පොලිසිය විසින් කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාර එල්ල කිරීමත් සිදුවී ඇත.


තුවාල ලැබූවන් අතර ආරක්ෂක අංශ නිලධාරීන් තිදෙනෙක් සිටින බවත් තුවාලකරුවන්ගෙන් බහුතරය ගල් ප්‍රහාර වැදීමෙන් තුවාල ලත් අය බවත් හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සුමිත් මනතුංග මහතා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා- චීන සංවර්ධන කලාපයේ ඉදිරි වසර පහ තුළ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 5ක් ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බව චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති ඉෂියැංලියැන් මහතා පවසා තිබේ.
අගමැති රනිල් පවසා ඇත්තේ මෙම ව්‍යාපෘතිය මහින්ද රජය සමයේ යෝජනාවක් වන බවත් එයට ඔවුන්ම එරෙහිවීම තේරුමක් නැති බවයි.
මෙම සංවර්ධන කලාපය ආරම්භ කිරීමෙන් පසුව රැකියා ලක්ෂයක් උත්පාදනය වන බවද ප්‍රකාශ කර තිබේ.







Pix Courtesy by -FCA
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment