දුමින්ද සිල්වාගේ පාතාල ඩ්‍රයිවර් සැලොන් එකකදී වෙඩිවැදී මරුට

ඊයේ සවස අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
වෙඩි ප්‍රහාරයට ලක් වූ
තැනැත්තා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ රියදුරෙකු තනිල් බණ්ඩාර ධර්ම ශ්‍රී හෙවත් බණ්ඩා නැමැති 33 හැවිරිදි පාතාල සාමාජික පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇත.
අතුරුගිරිය ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක රැදී සිටියදී ඔහු මෙම ප්‍රහාරයට ලක්ව ඇත.
ඝාතනයට ලක්වූ තැනැත්තාට එරෙහිව පුද්ගල ඝාතන දෙකක් සහ තවත් පුද්ගලයෙකු ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇති  බව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා අතුරුගිරිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් වාර්තාවේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment