යුරෝපයේ හිත දිනාගන්න ඇමති මංගල ගෙනා සමලිංගික යෝජනාවෙන් කැබිනට් රැස්වීම උණුසුම්


යුරෝපයේ හිත දිනාගන්න
ඇමති මංගල ගෙනා සමලිංගික යෝජනාවෙන්
කැබිනට් රැස්වීම උණුසුම්

යෝජනාව -කුණු කූඩයට

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා යුරෝපා කොමිසම මගින් ජීඑස්පී ප්ලස් බදු සහනය ලැබුණ බවට පසුගිය දිනවල වාර්තා පළවුණ නමුත් එම සහනය ලබාදීමේදී  මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මකට අදාළව කොන්දේසි කිහිපයක් ඇතුළත්ව ඇති බව ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනාවරණයවී තිබේ.
යුරෝපයේ ඇතැම් රටවල්වල මේ වනවිට නීතිගතවී තිබෙන ‘සම ලිංගිකත්වය‘ ලංකාවේද ස්ථාපිත කිරීම එම කොන්දේසි වලින් එකක් බව
කියමින් එහි එම ක්‍රියාකාරී සැලැස්‌මේ
ඇති 6-(1) සහ 6-(8) යන කරුණු වලට අනුමැතිය ලබාදිය යුතු බවට කැබිනට් රැස්වීමට කරුණු දන්වා ඇත්තේ විදේශ අමාත්‍ය මංගල සමරවීරයි.
මෙම යෝජනාව ඊයේ කැබිනට් රැස්වීම උණුසුම් කරන්නට හේතුවී තිබෙන අතර ඇමතිවරුන් රැසක් මෙන්ම ජනපතිවරයාද එයට විරුද්ධත්වය පළ කර තිබේ.
1842 අයාල ආඥාපනත යටතේ ලංකාවේ සමලිංගිකත්වය අසාමාන්‍ය හැසිරීමක් ලෙස අර්ථ දක්වා ඇත. වසර 175 ක් පැරණි එම වගන්තිය සංශෝධනය කර සමලිංගික සේවනය නීතිමය වරදක් නොවන තත්ත්වයට පත්කිරීමට යුරෝපා කොමිසමේ හිත දිනාගැනීමේ අටියෙන් වුවත් කළ නොහැකි බව එහිදී දැඩි ලෙස අවධාරණයවී තිබෙන අතර එම යෝජනාව ඉවත් කර ක්‍රියාකාරී සැලැසුම යළි ඉදිරිපත් කරන්නැයි ජනපති දන්වා තිබේ.‍
 මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මෙම කලබගෑනිය ගැන නොකියූ නමුත් කරුණු පැහැදිලි කරමින් දන්වා සිටියේ ශ්‍රී ලංකාව එම බදු සහනය ලබා ගත්තේ රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග මත මිස යුරෝපයට අවශ්‍ය වන අහිතකර කොන්දේසිවලට එකඟවීමෙන් නොවන බවයි.
 ‘සමාජයට බලපාන, සමාජ කථිකාවට තුඩු දෙන කරුණු ගැන අප සංවේදී වෙනවා. ඒ අනුව රටට අහිතකර සහ රජයට එකඟ විය නොහැකි කරුණු ඉටුකිරීමට හැකියාවක්‌ නැහැ. ඒ පිළිබඳව යුරෝපා කොමිසමට අපි කරුණු පැහැදිලි කරනවා‘ ඇමැතිවරයා කියා තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment