මහින්ද අගමැති කරන්න – ආචාර්ය නලීන් ද සිල්වා





වත්මන් යහපාලන ගිවිසුම අවසන් වීමෙන් පසු තවත් කල් නොයවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝ ඒකාබද්ධ විපක්ෂයේ වෙනත් අයෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන්නැයි දේශය සුරකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

ආචාර්ය නලීන් ද සිල්වා මෙම අදහස් පල කළේ කොළඹ ඊයේ පස්වරුවේ පැවති සම්මන්ත්‍රණයකදීයි. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජී. එල්. පීරිස් හා කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වී සිටියා.

ඒකාබද්ධ විපක්ෂයේ මෙම නියෝජිතයින් අමතමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් කියා සිටියේ වෙනත් පාර්ශව සමග ගිවිසුම්වලට එළඹෙනවා සේම මින් ඉදිරියට සිය සහය අපේක්ෂා කරන්නේ නම් තමන් සමග ද ගිවිසුමකට එළඹිය යුතු බවයි.

රට දෙකඩ කිරීමට ඉඩ නොදෙමු යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රනය සංවිධාන කර තිබුණා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment