චමල් ආණ්ඩුවට එක්වීමේ සූදානමක ?

චමල් ආණ්ඩුවට එක්වීමේ සූදානමක ?

යෝජිත ආයෝජන කලාපයට අවශ්‍ය ඉඩම් හම්බන්තොටින් ලබාගැනීම පිළිබඳ සොයා බැලීමේ කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය සාගල රත්නායක මහතාට සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්ෂ මහතා වෙත පවරා තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් චීනයට ලබාදීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ “හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍යකරන ඉඩම් පහසුකම් සොයා දෙන්න මට වගකීමක් පැවරුනා. ජනතාවට අසාධාරණයක් සිදු නොවන අයුරින් එම කටයුතු සඳහා මම උදව් කරනවා. කොහොමත් හම්බන්තොටට කර්මාන්තශාලා එන්න ඔනේ.. මේ පැත්ත තවත් සංවර්ධනය වෙන්න ඔනේ..මගේ විරෝධයක් නැහැ ඒකට.” යනුවෙනි.

එමෙන්ම ඉඩම් සොයා ගැනීම ගැටළුවක් නොවුණ ද අත්සන් කරන ගිවිසුම සම්බන්ධයෙන් ගැටළු පවතින බව චමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළේය. 

වරාය අධිකාරිය සතු බලතල වෙනත් පාර්ශ්වයකට පැවරීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවත් ඒ පිළිබඳ සොයා බලමින් ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

කෙසේ වුවද මන්ත්‍රී චමල් රාජපක්ෂට ඉදිරියේදී ආණ්ඩුවෙන් ඉහළ තනතුරක් හිමිවීමේ ඉඩක් පවතින බව ආණ්ඩු පක්ෂ ආරංචි පවසයි.

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment