බණ්ඩාරනායක පිළිරුවට මෛත්‍රී - චන්ද්‍රිකා පුෂ්පෝපහාර දක්වයි 

බණ්ඩාරනායක පිළිරුවට මෛත්‍රී - චන්ද්‍රිකා පුෂ්පෝපහාර දක්වයි 

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක ශී‍්‍රමතාණන්ගේ 118 වැනි ජන්ම දින සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උත්සවයක් ඊයේ (08) ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසලදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිස මෙහිදී බණ්ඩාරනායක පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීය.

අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, සුසිල් පේ‍්‍රමජයන්ත, දුමින්ද දිසානායක යන මහත්වරුන් විසින් පිළිරුවට මල්දම් පැළඳවූහ.

උතුරු මැද පළාතේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පැවිදි සංවිධානයේ සභාපති බෝමිරියේ ගනේවත්ත පුරාණ රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගල්දොල පියනන්ද නායක හිමිපාණන් වහන්සේ විසින් සැමරුම් උත්සවයේ ප‍්‍රධාන අනුශාසනාව සිදුකළ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර බණ්ඩාරනායක ශී‍්‍රමතාණන්ගේ 118 වන ජන්ම දිනය නිමිත්තෙන් සහ සෞභාග්‍යමත් දේශයක් බිහිකරනු පිණිස කි‍්‍රයාත්මක තිරසර යුගයක - තෙවසර ඇරඹුම ජාතික වැඩසටහන නිමිත්තෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව සංවිධානය කෙරුණු මහා දානමය පුණ්‍යකර්මයක් ඊයේ දහවල් කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment