පාර්ලිමේන්තුව උණුසුම් - අගමැති මහින්දගෙන් යෝජනාවක් ඉල්ලයි 

පාර්ලිමේන්තුව උණුසුම් - අගමැති මහින්දගෙන් යෝජනාවක් ඉල්ලයි 

හම්බන්තොට, මාගම්පුර වරාය, චීන සමාගමකට පැවරීමට පවතින සූදානම සහ කර්මාන්ත ඉදිකිරීමට ඉඩම් පවරාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ අද(09) උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23 - 2 යටතේ පසුගියදා හම්බන්තොටදී පැවති විරෝධතාවට එල්ලවූ පහරදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය ඇතිව ඇත.

එහිදී ඊට පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් විරෝධතාවක් පවතින්නේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳව සළකා බැලීමට කටයුතු කරන බවයි. 

කෙසේ වෙතත් අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වී පැයකට පමණ පසු එය මේ මස 24 වනදා දක්වා කල් තැබිණි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment