සුධර්මා නෙත්තිකුමාරගෙන් ඊළඟ පරපුරට සංගීත ප්‍රසංගයක්


සංගීත ප්‍රසංග විලාසිතා ප්‍රසංග රැසක් ඉදිරිපත් කළ ගඟ අද්දර, භාර්යාවෝ ඇතුළු ටෙලි නාට්‍ය 5ක් නිෂ්පාදනය කළ සුධර්මා නෙත්තිකුමාරගේ ස්ටාර් ඉවෙන්ට්ස් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම නව වසරේ අලුත්
අත්දැකීමක් ලබාදෙන   (Next Gen) නමින් ලබන ජනවාරි 15 දින රාත්‍රී  7 ට bmich හිදී ප්‍රසංගයක් පවත්වන්නට නියමිතය.

දිගු කලක් නිහඩව සිටි සුධර්මා 2017 වසරෙ සිට නැවතත් සමාජ සත්කාර රැසක් දියත් කිරීමට බලාපොරොත්තුවන බව දන්වා ඇත.
කීර්ති හා පුත් කසුන්,සංගීත් හා ප්‍රත් සනුක,සමිතා හා දියණිය කවින්ධ්‍යා, නුවන් පුත් ගයාන්,රූකාන්තගේ රයිනි හා වින්ඩි දියණියන්,චාන්දනී හා දියණිය ජැකලින්, අමල් හා පුතු නදීමාල්, මායා සහ දියණිය කුෂානි, රනිල් හා පුතු පවන්,
 මෙම පරම්පරා ගීත ගායනයට දායක වෙති.
මෙම ප්‍රසංගයේ ආදායම කඩුවෙල කොතලාවල මහ විදුහල නගා සිටුවීමට යෙදැවේ.
නාලක අංජන කුමාර මෙහි සංගීත අධ්‍යක්ෂකවරයාය.
සුධර්මා මින් පෙර රූකාන්ත චන්ද්‍රෙල්කා, නිරෝෂා විරාජිනී, ආචාර්ය අමරදේව හා සෝනු නිගම්ගේ සංගීත ප්‍රසංග පවත්වා ඇත.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment