ගණිත අංශ ප්‍රතිඵල වලින් පළමුවෙනියා වෙද්දී සිසුවිය දිවියෙන් සමුගෙන


ගණිත අංශ ප්‍රතිඵල වලින් පළමුවෙනියා වෙද්දී

සිසුවිය දිවියෙන් සමුගෙන



මෙවර උසස් පෙළ ප්‍රතිඵල අනුව ගණිත අංශයෙන් වවුනියාවේ දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය දිනා ඇත්තේ වව්නියාව රම්බෙයිකුලම් කාන්තා විද්‍යාලයේ සත්‍යනාදන් ශිවදුර්ගා නමැති සිසුවියකි. නමුත් ඊයේ එම ප්‍රතිඵලය ලැබෙන අවස්ථාවේ ඇගේ මව්පිය හිතවතුන් ඒ ගැන දැනගත්තත් ඇයට එය දැනගන්නට ලැබෙන්නේ නැත. හේතුව ඇය දැනටමත් මෙලොව හැරගොස්
තිබීමෙනි.
උසස් පෙළ විභාගය ඉතා සාර්ථක ලෙස නිමකතර ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඇය සිටි කාලයේ පසුගිය ඔක්තෝබර් මස 11 වනදා සිදුවූ මාරක රිය අනතුරකට ගොදුරුවී ඇය මරණයට පත්ව තිබුනේ අවාසනාවන්ත ලෙසයි. කුරුණෑගල මහව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් මිය ගිය තිදෙනෙකු අතර ඇයත් සිට තිබෙනවා.

මෙම අනතුරින් ඇය මෙන්ම ඇයගේ ඥාති වෛද්‍යවරියක් සහ තවත් අයෙක් මියගියා.
ඇය එම දිස්ත්‍රික්කයේ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා ඇති බවට සතුටුදායක පුවත අසන්නට ඇය නොසිටීම බොහෝ අයට සංවේගදායක පුවතක් වුණා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment