ට්‍රම්ප් මෙක්සිකානු තාප්පය ඉදිකරන්නට නියෝග කරයි -මුස්ලිම් රටවල් තහනම තාම නෑ

ඇමරිකාව සහ මෙක්සිකෝව අතර වූ දේශසීමාව ඔස්සේ තාප්පයක් බැඳීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ නියෝග නිකුත් කළා.
ඇමරිකාවේ දැනට වාසය කරන මිලියන 11 පමණවූ නීතිවිරෝධී සංක්‍රමණිකයන් සීමාකිරීම සහ රටේ
ආරක්‍ෂාව සහතික

කෙරෙන විධායක නියෝග කිහිපයකට ඉදිරියේදී අත්සන් තබන බවද ජනාධිපති ට්‍රුම්ප් කාර්යාලය දන්වා ඇත.
දේශ සීමාව හරහා තාප්පයක් බැඳීම ඔහුගේ ඡන්ද ව්‍යාපාරය තුළ ජනතාව වෙත ලබාදුන් ප්‍රධාන පොරොන්දුවලින් එකකි.
මේ අතර සිරියාව, ඉරාකය සහ ඉරානය ද ඇතුළුව වැඩිවශයෙන් මුස්ලිම් ජනතාව වෙසෙන රටවල් කිහිපයක සංක්‍රමණිකයන්ට ඇමරිකා‍වට ඇතුළුවීම තහනම් කරන නියෝගය නිකුත් කරනු ඇතැයි ට්‍රම්ප්ගේ ටිවිටර් පණිවිඩයක් ඇසුරින් ඊයේ මාධ්‍ය වාර්තා පළවුවද එය තවම සිදු කර නැති අතර ලබන සිකුරාදා වනවිට එම තිරණයද ප්‍රකාශ වනු ඇතැයි ආරංචි පළවී තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment