අන්තර්ජාලය මගින් භාණ්ඩ හා සේවා ලබාගැනීම සඳහා සහාය දක්වන ලෝ ප්‍රකට චීනයේ අලිබබා සමාගම (Alibaba) ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු සිදුකිරීමට කැමැත්ත පළ කර තිබේ.
එහි නිර්මාතෘ
සහ වත්මන් සභාපති ජැක් මා මහතා සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අතර ඊයේ (18දා) පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණ වී ඇති අතර, ස්වීට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන 2017 ලෝක ආර්ථික සමුළුව අතරතුර මෙම හමුව සිදුව තිබේ.
ජැක් මා යනු චීනයේ ධනවත්ම පුද්ගලයාය.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment