රියදුරු අසුන ගාව ටින්ටඩ් වීදුරු හා තිර රෙදි 31 සිට තහනම්

රථවාහනයින්හි ඉදිරිපස අසුන් දෙකට යාබඳව ඇති වීදුරු දෙක අඳුරු පැහැති ස්ටිකර්වලින් හා තිරරෙදි වලින් ආවරණය කර ඇත්නම් වහාම ඒවා ඉවත්කරන ලෙස පොලිසිය රියඳුරන්ට උපදෙස් දෙයි.
මේ හේතුවෙන්

රිය අනතුරු ඉහළ යන බවත් එවැනි වාහන වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුමක් අද (19දා) පටන් ක්‍රියාත්මක කිරිමටත් පොලීසිය කටයුතු කර තිබේ.

පොලිස් ස්ථාන මට්ටමින් එළැඹෙන 31දා  දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන අතර ඒවා ඉවත් නොකරන වාහන වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment