2020 ජනාධිපතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඒ වේලාවට එම පොදු අපේක්ෂකයා ගැන හෙළි කරන බවත් ජනතාව පුදුම වන ආකාරයේ පුද්ගලයෙකු පොදු අපේක්ෂකයා ලෙස නම් කරන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
මේ අතර, මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් ද ඊයේ (13) පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සුවදුක් විමසීම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියේය.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ මේ වන විට ආණ්ඩුව වෙනස් කිරීමේ මෙහෙයුමක තමන් ඇතුළු කණ්ඩායම නිරතව සිටින බවයි.
0 comments :
Post a Comment