වොක්ස්වැගන් ගැන අගමැති දැන් කියන කථාව (VIDEO)

වොක්ස්වැගන් ගැන අගමැති දැන් කියන කථාව (VIDEO)

වොක්ස්වැගන් සමාගම ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කර ඇත්ද නැත්ද යන්න වොක්ස්වැගන් සමාගමෙන් විමසීමට පෙර තමාගෙන් විමසීමක් කළා නම් එයට පිළිතුර දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

එමෙන්ම වොක්ස්වැගන් සමාගමේ ආයෝජන නැතිව වොක්ස්වැගන් වාහන නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයක් ඇතිකරන බවට තීරණය කරනු ලැබුවේ 2016 වසරේ මූලාරම්භයේදීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තමා සමග පවත්නා පුද්ගලික තරහකට අන් අය මනස විකෘති කරගත යුතු නැති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

වොක්ස්වැගන් සන්නාමය භාවිත කරමින් ශ්‍රී ලංකාවේ මේ වනතෙක් කිසිදු ආයෝජනයක් සිදු කර නොමැති බව වොක්ස්වැගන් සමාගමේ ආයතනික සන්නිවේදන අංශයේ කැතරින් හොක්මන් මහත්මිය ඊයේ (05) තහවුරු කිරීමක් සිදු කළාය.

කෙසේ වුවද කුලියාපිටිය ප්‍රදේශයේ  දියත් කළ මෙම කර්මාන්ත ශාලාව සඳහා ආයෝජනය සිදු කළේ සෙනොක් නැමැති දේශීය සමාගමයි. 

ඔවුන්ට ඒ සඳහා ආයෝජන මණ්ඩල ව්‍යාපෘති අනුමැතිය රජය මගින් සැපයුවේ ඩොලර් මිලියන විසිහයයි දශම පහක මුදලක් 

එම වීඩියෝව පහතින් නරඹන්න 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment