සිරස නිවුස් වොක්ස්වැගන් හෙළිදරව්වට -අගමැති රනිල්ගෙන් පිළිතුරු


සිරස නිවුස් ෆර්ස්ට් මගෙත් එක්ක තරහට
වොක්ස්වැගන්ලගෙන් අහලා

ඕක මගෙන් ඇහුව නම් කියල දෙනවා
-අගමැති රනිල්ගෙන් පිළිතුරු

පසුගියදා කුලියාපිටියේ ඉදිකිරීම ඇරඹූ වාහන එකලස් කිරීමේ කම්හල ජර්මනියේ වොක්වැගන් සමාගම හාන්කවිසියක්වත් නොදැන ලංකාවේ ඇරඹූ එකක් බව සිරස නිවුස් ෆර්ස්ට් ඊයේ හෙළිදරව් කර තිබුණා.
මෙම කම්හලින් රැකියා අවස්ථා උදාවීම පිළිබඳ ජනතාවට සතුටු වියහැකි නමුත් වොක්ස්වැගන් නම පාවිච්චි කරමින්
මැතිවරණ ප්‍රචාරණයේ යෙදී පසුව

ඒ බව සඟවා දේශපාලන අවාසි සිදුවීමේ කාරණාව ගැන හිතා වොක්ස්වැගන් නොමැති බව නොකියාම වෙනත් ආකාරයකින් ඊට සමාන සලකුණු පාවිච්චි කරමින් ජනතාව මුළා කිරීමක් රජය සිදු කර තිබීම මේ වනවිට ආන්දෝලනයක් ඇති කර තිබේ. කල් ඇතිවම ඇත්ත කියන්න තිබුණා නේද යන්න ඇතැමුන් විමසන පැනයයි.

මෙම හෙළිදරව්වෙන් පසු වොක්ස්වැගන් සමාගම ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කර ඇත්ද නැත්ද යන්න වොක්ස්වැගන් සමාගමෙන් විමසීමට පෙර තමාගෙන් විමසීමක් කළා නම් එයට පිළිතුර දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සිරසට පිළිතුරක් දෙමින් උත්සවයකදී පවසා තිබේ.

වොක්ස්වැගන් සමාගමේ ආයෝජන නැතිව වොක්ස්වැගන් වාහන නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයක් ඇතිකරන බවට තීරණය කරනු ලැබුවේ 2016 වසරේ මූලාරම්භයේදීම බවත් තමා සමග පවත්නා පුද්ගලික තරහකට අන් අය මනස විකෘති කරගත යුතු නැති බවත් ඔහු එහිදී කියා ඇත.
එම වීඩියෝව පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment