රාජ්‍ය ආයතන 15ක කෝප් වාර්තා පාර්ලිමේන්තුවට - පාඩුව බිලියන 110ක්

රාජ්‍ය ආයතන 15ක කෝප් වාර්තා පාර්ලිමේන්තුවට - පාඩුව බිලියන 110ක්

රාජ්‍ය ආයතන 15ක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සකස් කළ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. 

කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මෙම වාර්තා අද(08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

එම ආයතන 15න් රජයට රුපියල් බිලියන 110ක පමණ අලාභයක් සිදුව ඇතැයි හෙළිව තිබේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, මාර්ග සංවර්ධන අධිකාරිය, වරාය අධිකාරිය, රූපවාහිනි සංස්ථාව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව,  ඇතුළු රාජ්‍ය ආයතන 15ක් මේ අතරට අයත් වන බව වාර්තාවේ.

එම ආයතනවල සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතා 2016 වසරේ මැයි මස 01 වැනිදා සිට අගෝස්තු මස 15 වැනිදා දක්වා කෝප් කමිටුව සිදුකළ විමර්ශනවල වාර්තාව මෙලෙස අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment