ශෂීගේ නඩු විභාගයය මැයි මාසයේ

ශෂීගේ නඩු විභාගයය මැයි මාසයේ

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් ලෙස රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ඇති නඩුව විභාගයට ගැනීමට අධිකරණය තීරණය කර තිබේ.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රණසිංහ බණ්ඩාර විසින් සාක්ෂිකරුවන් තිදෙනෙකුට අද (08) සිතාසී නිකුත් කළ අතර ලබන මැයි මස 25,30,සහ 31 යන දිනයන්හිදී සාක්ෂි විමසීම සිදුකිරීමට නියමිතය.

එමෙන්ම නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ සැකකාරියට හැඳුනුම්පත් දෙකක්, උප්පැන්න සහතික දෙකක් හා විදේශ ගමන් බලපත්‍ර සහ නම් දෙකක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. 

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment