කුඩු ජාවාරම්කරුවකුගේ ඥාති සොයුරියකගෙන් හිරගෙදර ලොක්‌කාට ලක්‍ෂ 20ක්‌

කුඩු ජාවාරම්කරුවකුගේ ඥාති සොයුරියකගෙන් හිරගෙදර ලොක්‌කාට ලක්‍ෂ 20ක්‌

කන්නන් නමැති මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකුගේ ඥාති සොයුරියක විසින් රුපියල් ලක්‍ෂ විස්‌සකට අධික මුදලක්‌ දුම්බර බන්ධනාගාර අධිකාරිවරයාගේ ගිණුමක තැන්පත් කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය පුළුල් විමර්ශනයක්‌ අරඹා තිබේ. 

ඒ අනුව ඉකුත් සතියේ දුම්බර බන්ධනාගාර අධිකාරිවරයා පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයට කැඳවා ප්‍රශ්න කර ඇත. මීට කලකට ඉහතදී මත්කුඩු ජාවාරමේ යෙදී සිටියදී පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය අත්අඩංගුවට ගත් කන්නන් නමැති මෙම කුඩු ජාවාරම්කරුවා පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කර තිබේ.

පසුව ඔහු 2013 වසරේදී ඇප මත මුදා හැර සිටියදී නැවතත් මත්කුඩු තොගයක්‌ සමඟ හැටන් පොලිසියට හසුවී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර දුම්බර බන්ධනාගාරයේ රඳවා ඇත.

කන්නන් එසේ බන්ධනාගාරගතව සිටියදී ඔහුගේ මත්කුඩු ජාවාරම දිගින් දිගටම ක්‍රියාත්මක වීම හේතුවෙන් ඒ පිළිබඳ විමර්ශන සිදු කළ පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය කන්නන්ගේ ප්‍රධාන ගෝලයකු මත්කුඩු තොගයක්‌ ද සමඟ කොටු කරගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ලබාගත් තොරතුරු මත කන්නන්ගේ ඥාති සොයුරියන් වන කාන්තාවන් දෙදෙනකු මත්කුඩු තොගයක්‌ සමග අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී ඇත.

එම කාන්තාවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී එක්‌ කාන්තාවක සන්තකයේ තිබී බැංකු රිසිට්‌ පතක්‌ හමුවී ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන පැවැත්වීමේදී එම රිසිට්‌ පතට අනුව මුදල් යවා ඇත්තේ දුම්බර බන්ධනාගාරයේ අධිකාරිවරයාගේ ගිණුමට යැයි අනාවරණය වූ බව ද පොලිසිය සඳහන් කරයි.

මෙම අනාවරණයෙන් පසු මත්ද්‍රව්‍ය කාර්යාංශයට කැඳවූ දුම්බර බන්ධනාගාර අධිකාරිවරයාගෙන් ප්‍රශ්න කිරීමේදී තමන් මුදල් පොලියට දෙන බවත් එසේ පොලියට දුන් මුදලක්‌ තම බැංකු ගිනුමට කිසිවකු විසින් හෝ දමන්නට ඇති අතර එසේ මුදල් තැන්පත් කළේ කවරකුදැයි තමා නොද්නා බවත් පවසා තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment