කිරිඅැල්ලගේ ප්‍රකාශය බොරුවක් වෙයි: ජනමත විචාරණයකට ශ්‍රීලනිපය එකඟ නෑ

කිරිඅැල්ලගේ ප්‍රකාශය බොරුවක් වෙයි: ජනමත විචාරණයකට ශ්‍රීලනිපය එකඟ නෑ

නව ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව ජනමත විචාරණයක්‌ පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මෙතෙක්‌ තීරණය කර නැතැයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ පෙරේදා (12) කඩුවෙල ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී ය.

එහිදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කළා නව ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව ජනමත විචාරණයකට යැම සඳහා ශ්‍රී ල.නි. පක්‍ෂයේ සහයෝගය ලබා ගන්නවා කියලා. අපි තවම එහෙම තීරණයකට ඇවිල්ලා නැහැ. පක්‍ෂයක්‌ හැටියට ශ්‍රී ල.නි.ප. යට ප්‍රතිපත්තියක්‌ තියෙනවා. රට කඩන වැඩපිළිවෙලකට බුද්ධාගම ගැන කිසිදු අංශුමාත්‍රයක වෙනසක්‌ සිදුකරන ව්‍යවස්‌ථා සංශෝධනයකට අප එකඟ නැහැ.“

“ජනාධිපතිතුමාත් ඉතා පැහැදිළිවම ප්‍රකාශ කර තිබෙනවා මේ මොහොතේ ජනමත විචාරණයකට යායුතු නැහැ කියලා. ඊට මෙපිටින් තිබෙන ව්‍යවස්‌ථා සංශෝධනයකට යායුතුයි කියන එක එතුමාගේත් ශ්‍රී ල.නි. පක්‍ෂයේත් මතයයි. අප මුලින්ම කළ යුත්තේ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීමයි. ඒ සඳහා අප කටයුතු කරනවා.“ යැයිද ඔහු වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment