දේශපාලන හිතවත්කම් මත අමාත්‍යාංශ ලේකම්වරුන්ට උසස්වීම් - 60න් පසු සේවා දිගු එපා

දේශපාලන හිතවත්කම් මත අමාත්‍යාංශ ලේකම්වරුන්ට උසස්වීම් - 60න් පසු සේවා දිගු එපා

අමාත්‍යාංශ ‍ලේකම්වරුන් සඳහා අවුරුදු 60 ඉක්මවූ පසු සේවා දිගු ලබා නොදෙන ලෙස ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශ ‍ලේකම්වරුන් පිරිසක් ජනාධිපති ‍ලේකම්වරයාට සහ අග්‍රාමාත්‍ය ‍ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලා තිබේ. 

වයස අවුරුදු 60 ඉක්මවූ අමාත්‍යාංශ ‍ලේකම්වරුන් පිරිසක් ඉදිරි දින කිහිපය ඇතුළත විශ්‍රාම ගැනීමට නියමිතව ඇති බවත් නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නැවත සේවාදිගු ඉල්ලා ඇති බවත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පැවැසීය.

මීට අමතරව පරිපාලන සේවයට පරිබාහිරව අමාත්‍යාංශ ‍ලේකම් ධුර ලබාදීම හා සුදුසුකම් සහිත ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍ලේකම්වරුන් සිටියදී දේශපාලන හිතවත්කම් මත කනිෂ්ඨ ‍ලේකම්වරුන්ට උසස්වීම් ලබාදීමද නතරකරන ලෙස ඉහත ලිපිය යොමුකරන ලද ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ‍ලේකම්වරුන් ජනාධිපති ‍ලේකම්වරයාට සහ අග්‍රාමාත්‍ය ‍ලේකම්වරයාට දැනුම්දී තිබේ.

විශ්‍රාම යන අමාත්‍යාංශ ‍ලේකම්වරුන්ට නැවත සේවා දිගු ලබාදුන්නහොත් උසස්වීම් ලබාගැනීමට සිටින කනිෂ්ඨ ‍ලේකම්වරුන්ට එම උසස්වීම් අහිමිවන බවත් එලෙසම තරුණ පරිපාලන සේවා නිලධාරීන්ටද අමාත්‍යාංශ ‍ලේකම්වරුන් ලෙස සේවය කිරීමේ අවස්ථාව අහිමිවන බවත් එම ලිපියේ දක්වා තිබේ.

විශ්‍රාම යන අමාත්‍යාංශ ‍ලේකම්වරුන් මෙලෙස තවදුරටත් සේවයේ රැඳී සිටීමට උත්සාහ කරන්නේ මෙම තනතුරට හිමි වරප්‍රසාද භුක්තිවිඳීමේ වුවමනාවට බවද ඉහත ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශ ‍ලේකම්වරු පිරිස ජනාධිපති හා අගමැති ‍ලේකම්වරුන් වෙත යැවූ ලිපියේ වැඩිදුරටත් දක්වා තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment