පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට සිදුවන අතවර වැළැක්වීමට පොලිසිය යොදවයි

පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට සිදුවන අතවර වැළැක්වීමට පොලිසිය යොදවයි

පොදු ප්‍රවාහන සේවාවන් තුළදී කාන්තාවන්ට සිදුවන අපයෝජනයන් හා ලිංගික අතවරයන් වැළැක්වීම සඳහා නීතිමය පියවර ගැනීමට පොලිසිය කටයුතු යොදා තිබේ.

මාර්තු මස 8 වැනි දිනට යෙදී ඇති ලෝක කාන්තා දිනයට සමගාමීව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා පොලිසිය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය එක්ව ක්‍රියා කරයි.

පවුල හා කාන්තා සමාජය සුරක්ෂිත කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වන අතර එවැනි අතවර සිද්ධීන් සිදුවන්නේ නම් ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කරන ලෙසද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment