ඒකාබද්ධයෙන් ලක්ෂ 58 ක පෙත්සමක්

ඒකාබද්ධයෙන් ලක්ෂ 58 ක පෙත්සමක්

විදේශීය ආයෝජකයන්ට මෙරට ඉඩම් විකිණීමේ ආණ්ඩුවේ ක්‍රියාවලියට එරෙහිව ලක්ෂ 58 ක පෙත්සමක් අත්සන් කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. 

ඊයේ (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව, සෑම දිස්ත්‍රික්කයකම පිහිටි සෑම නිවසකටම ගොස් රජයේ මෙම වැඩපිළිවෙල පිළිබදව දැනුවත් කරමින් අදාළ පෙත්සමට අත්සන් තබා ගන්නා බව ඔහු සදහන් කළේය.

එමෙන්ම, රටේ ජනතාවට තමන්ගේ අදහස ප්‍රකාශ කළ හැකි වන පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බව ද හෙතෙම තවදුරටත් පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment