ශ්‍රී ලාංකිකයන්ට අමෙරිකාවේ නිදහස් වීසා? ඇත්ත නැත්ත මෙන්න

ශ්‍රී ලාංකිකයන්ට අමෙරිකාවේ නිදහස් වීසා? ඇත්ත නැත්ත මෙන්න

ශ්‍රී ලාංකිකයන්ට වීසා නොමැතිව අමෙරිකාවට ඇතුළු වීමට අමෙරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අවසර දී ඇතැයි අමෙරිකා වෙබ් අඩවියක වාර්තා වූ පුවත තහවුරු කළ නොහැකි බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

මේ සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිල වශයෙන් දැනුම් දීමක් සිදුවී නැති බවත් එවැනි තොරතුරක් තිබේනම් ඒ පිළිබඳ සොයා බලන බවත් විදේශ කටයුතු අමාත්‍යංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සත්‍යා රොද්‍රිගු මහතා පැවසී ය. 

ශ්‍රී ලාංකිකයන්ට අමෙරිකාවට ඇතුළු වීමට නිදහස් විසා ලබාදිම සඳහා විධායක නියෝගයක් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කර ඇති බවට එරට වෙබ් අඩවියක් තොරතුරු වාර්තා කළේය.

යූ.එස්.ඒ. ටෙලිවිෂන් වෙබ් අඩවිය තොරතුරු වාර්තා කරමින් පැවැසුවේ සංචාරක හා ව්‍යාපාරික කටයුතු සඳහා ශ්‍රී ලාංකිකයන්ට අමෙරිකාවේ දින 180ක කාලයක් රැදී සිටීමට නිදහස් වීසා ලබාදීමට අමෙරිකානු ජනපතිවරයා කටයුතු කර ඇති බවයි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment