බොරු ලෙඩට වෛද්‍ය වාර්තා හදා අපකීර්තියට ලක්වූ බන්ධනාගාර වෛද්‍යවරුන් සියල්ල මාරු කෙරේ


බන්ධනාගාර රෝහලේ සියළුම වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය
වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ඊයේ නියෝජ්‍ය
අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා II) අමල් හර්ෂ ද සිල්වා මහතාට දැනුම් දී ඇති බව අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීම අතරදී ඊයේ සිදු කරන ලදි.
විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වන දේශපාලනඥයින් බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට එම රෝහලේ වෛද්‍යවරයෙකුගේ සහයෝගය ලැඛෙන බවට නැගෙන චෝදනා මත එම අදාල වෛද්‍යවරයාට ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙස මීට පෙර නියෝග කරන ලදි. එම ස්ථාන මාරුවීම ලබා දී ඇතත්, අදාල වෛද්‍යවරයා තවමත් බන්ධනාගාර රෝහලේ සේවය කරන බව ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමෙි දී කරුණු අනාවරණය විය. ඒ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා අදාල තීරණය ගත් අතර, බන්ධනාගාර රෝහලට වෙනත් වෛද්‍යවරුන් යොමු කරන ලෙස ද නියෝග කෙරුනි.
ස්ථාන මාරුවීම් ලබා දී එය සැළකිල්ලට නොගත් වෛද්‍යවරයාට විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙන ලදි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment