විදෙස්ගත ලාංකිකයින්ට හොඳ කලක්! අයවැය යෝජනා ක්‍රියාත්මක කරයි 

විදෙස්ගත ලාංකිකයින්ට හොඳ කලක්! අයවැය යෝජනා ක්‍රියාත්මක කරයි 

2017 අයවැය යෝජනාවලියට අනුව විදේශ රැකියා සඳහා පිටත් වන විගමණික ශ‍්‍රමිකයින්ගේ අවම වැටුප ඉහළ නැවීමට යෝජනා විය. 

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරත වන ශ‍්‍රමිකයින්ගේ අවම වැටුප, පුහුණු ශ‍්‍රමිකයින් සඳහා අමෙරිකානු ඩොලර් 450ක් ලෙසද, නුපුහුණු ශ‍්‍රමිකයින් සඳහා අමෙරිකානු ඩොලර් 350ක් ලෙසද තීරණය කර ඇති අතර, එය 2017-02-01 වන දින  සිට කි‍්‍රයාත්මක වේ. 

එදින සිට නව සංශෝධිත අවම වැටුප්වලට පමණක් කාර්යාංශය අනුමැතිය ලබා දෙන අතර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගත වන ලෙසත් කාර්යාංශය අවධාරණය කරයි. 

ඉහත අවම වැටුප් කාණ්ඩ දෙකට අයත්වන, ඒ ඒ රැකියාවන් පිළිබඳ තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පහත දුරකතන අංකවලින් ලබා ගත හැක. 

011 2 864 107 - පලමු අනුමැති අංශය

011 2 880 500 - පොදු දුරකතන අංකය

011 2 251 148 - 24 පැය සේවාව

011 2 251 386 - 24 පැය සේවාව

1989 - ක්ෂණික ඇමතුම් අංකය

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment