'නන්දිකඩාල්' ගැන රජයෙන් ගැසට් නිවේදනයක්

'නන්දිකඩාල්' ගැන රජයෙන් ගැසට් නිවේදනයක්

නයාරු ස්වභාව රක්ෂිතය සහ නන්දිකඩාල් ස්වභාව රක්ෂිතය තෙත්බිම් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය ගැසට් නිවේදනය ඊයේ (02) යෙදුණු ජගත් තෙත්බිම් දිනය වෙනුවෙන් නිකුත්කළ බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශය පවසයි.

සංක්‍රමණික පක්ෂීන් මෙන්ම දේශීය සත්ත්ව විශේෂවලින් ගහන තෙත්බිම් පරිසර පද්ධතියන් වන නයාරු ස්වභාව රක්ෂිතය, හෙක්ටයාර් 4464.35කින්ද, නන්දිකඩාල් ස්වභාව රක්ෂිතය හෙක්ටයාර් 4141.67කින් යුක්තවන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

උතුරු ප්‍රදේශය සඳහා සිදුකරන ලද ක්‍රමෝපායික පාරිසරික ඇගයුම යටතේ මෙම තෙත්බිම් වනජීවි රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කිරීම සඳහා හඳුනා ගත් බවද තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment