වෛද්‍ය වර්ජනය ඇරඹෙයි - රෝහල් කටයුතු අඩාළයි (PHOTOS)

වෛද්‍ය වර්ජනය ඇරඹෙයි - රෝහල් කටයුතු අඩාළයි (PHOTOS)

වෛද්‍ය සිසුන්ට පහර දීමට විරෝධය පා වෛද්‍ය නිලධාරීහු අද (3) පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්වා පැය 04ක සංකේත වැඩවර්ජනයක නිරත වෙති.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පා ඊයේ පැවැති වෛද්‍ය සිසු උද්ඝෝෂණයට එල්ලකළ පොලිස් ප්‍රහාරයට විරෝධය පෑමක් ලෙසට අද සංකේත වර්ජනයක නිරතවන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශකර සිටියේය.

මීට අමතරව ලංකා ගුරු සංගමයද මෙම ප්‍රහාරය හෙළා දකිමින් නිවේදනයක් නිකුත්කර තිබේ.

වැඩවර්ජනය හේතුවෙන් නැගෙනහිර පලාතේ එකම ශීක්ෂණ රෝහල වන මඩකලපුව ශීක්ෂණ රෝහලේ වෛද්‍ය කටයුතු මුළුමනින්ම අඩාල වී ඇති බව අප වාර්තාකරු පැවසීය.

මේ අතර දික්ඔය මූලික රෝහලේ සායන කටයුතු සඳහා පැමිණි බොහෝ පිරිසක් වෛද්‍ය වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්වූහ. 

ඒ අතර වතුකරයේ ජනතාව බොහෝ පිරිසක් වෙති.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment