රාජපක්ෂ පවුලේ අභ්‍යන්තරය තුළ දැඩි බල අරගලයක් 

රාජපක්ෂ පවුලේ අභ්‍යන්තරය තුළ දැඩි බල අරගලයක් 

ප්‍රජාතන්ත්‍රවාදය සමතලා කර රාජකීයභාවය රැකගැනීමට උත්සාහ දැරූ රාජපක්ෂ පවුලේ අභ්‍යන්තරය තුල මේ වන විට දැඩි බල අරගලයක් උද්ගතව ඇතැයි වමේ කේන්ද්‍රය පවසයි.

එහි සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා අභිබවමින් රටේ මීලඟ සර්වාධිපති පාලකයා වීමේ උත්සාහයක ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සාහ දරමින් සිටින බවයි.

කෙසේ වුවද ජනවාරි 08 පරිවර්තනයේදී මහජනතාව වෙත වූ එකඟතාව මත රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය හා සාධාරණත්වය ඉටුකිරීම ප්‍රමාද කරමින් ජනතා අභිලාෂයන් වෙත ආණ්ඩුව අවධානය යොමු නොකරයි නම් ජනතාව නැවත වරක් සර්වාධිපති පාලකයෙකු වෙත ගමන් කිරීමට ඇති ඉඩකඩ තව තවත් වර්ධනය විය හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලඝු කරන ආකාරයට කෑමට බීමට පමණක් යහපාලන ආණ්ඩුව ගොඩනැගීමට සිය ඡන්දය භාවිත නොකළ බව ද ඒ මහතා සඳහන් කළේය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment