මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතියේ කළු ගල් වැටී එක් අයෙකු මරුට


මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතියේ
කළු ගල් වැටී එක් අයෙකු මරුට


මාතලේ, ලග්ගල මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ කැණීම් අතරතුර අද උදෑසන කඩා වැටුණු කළු ගල් නිසා එක් අයෙක් මිය ගොස් තවත් දෙදෙනක් තුවාල ලබා සිටිනවා. තවත් අයෙකු කළුගල් අතර සිරවී
සිටින අතර ඔහුව

බේරාගැනීමට මෙහෙයුමක්ද ක්‍රියාත්මකය.
උදෑසන සිදු වූ එම අනතුරින් එක් අයෙක් මිය ගොස් තවත් දෙදෙනක් තුවාල ලබා සිටින අතර අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා රෝහල්ගත කර තිබේ.
ගුවන් හමුදා ප්‍රකාශක ගෘප් කැප්ටන් ගිහාන් සෙනවිරත්න සඳහන් කළේ,  හමුදා කමාන්ඩෝ භටයින් 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්  රැගෙන M I 17 වර්ගයේ හෙළිකොප්ටර් යානා 2ක් ගනේමුල්ල හමුදා කඳවුරේ සිට ලග්ගල ප්‍රදේශය බලා පිටත් කර යැවූ බවයි.
සිරවී සිටින පුද්ගලයා බේරා ගැනීමට මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ මෙහෙයවීමෙන් හමුදා මෙහෙයුමක් අරඹා ඇති අතර
ගල් අතර සිටින පුද්ගලයා තවදුරටත් නිරුපද්‍රිත බැවින් ඔහුව බේරාගැනීමට මෙම කන්ඩායම යුහුසුළුවී ඇත.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment